Sri Lanka

ජනපති-අගමැති අපේක්‍ෂක ඉල්ලීම අතහරී.. මෛත‍්‍රීට පොලොන්නරුවෙන් මන්ත‍්‍රී අපේක්‍ෂකත්වය ඉල්ලන්න සාකච්චා.. මහවැලි-පරිසර ඇමතිකමත් ඉල්ලයි..

ජනපති-අගමැති අපේක්‍ෂක ඉල්ලීම අතහරී.. මෛත‍්‍රීට පොලොන්නරුවෙන් මන්ත‍්‍රී අපේක්‍ෂකත්වය ඉල්ලන්න සාකච්චා.. මහවැලි-පරිසර ඇමතිකමත් ඉල්ලයි..

– අරුණ පුවත්පතෙනි

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන පොදුජන පෙරමුණු අපේක්ෂකයාට සහාය පළ කොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකු ලෙස තරග කළ යුතු බවට ශ්‍රීලනිපයේ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණු සන්ධාන ගත වුවද එහි ජනාධිපති ධුර අපේක්ෂකත්වය හෝ ඉදිරි අගමැති ධුරය මෛත්‍රීපාල සිරිසේනට නොලැබීමේ අවදානම අදාළ සාකච්ඡාව ආරම්භ වීමට හේතුවී ඇත.

උද්ගත වී ඇති තත්ත්වය තුළ අදාළ යෝජනාව ඉදිරි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

ඉදිරියේදී පිහිටුවනු ලබන ආණ්ඩුවේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදිය යුතු බවට ඉල්ලීමක් ශ්‍රීලනිප පොදුජන පෙරමුණු 7 වන සාකච්ඡාවට ඉදිරිපත් කිරීමට නියමිත බවද ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත කරුණු පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

– aruna

8,381 Viewers

  1. ඒක හොඳයි
    මයිතීරී පොදු ජන පෙරමුණ යටතේ ඡංදයකට පැමිණ හෝ ජාතික ලැයිස්තුවෙන් මංත්‍රී වි
    මහවැලි සංවර්ධන ඇමතිව රටට වැඩක් කරන්න පුළුවන්
    අනික ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුනත් මයිතීරී ට වැඩ කරන්න පුළුවන්

  2. උගත් අය විසාල පිරිසක් අපේ රටේ ඉන්න නිසා කොන්ද පන නැති නුගත් අය පොහොට්ටුවට නොගත යුතුය

Leave a Comment

Football news:

Pep Guardiola: Second place in the Premier League is more important than winning English cups
The 1966 world champion Jack Charlton has died at the age of 85
Smart ticket sales in Poland: roommates sit next to each other, social stations are created automatically, and attendance increases by 20%
A gay player from the Premier League wrote an anonymous letter published in The Sun: I hope that one day I will be able to confess. I feel trapped
Zinedine Zidane: what Courtois does in every game is phenomenal
Tottenham fans will launch a plane with a Levi banner-on the way out at the game with Arsenal
Zinedine Zidane: I would like VAR not to be used