logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo
star Bookmark: Tag Tag Tag Tag Tag
Sri Lanka

පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ලවීමේ සැළැස්මක් ඇතැයි අසත්‍ය තොරතුරු දුන් අයෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුව ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදුකිරීමට නියමිත බවට පොලිසි හදිසි ඇමතුම් අංකය(119) ඔස්සේ අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයෙකු ඇල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ලකිරීමේ සැළැස්මක් ඇති බවත් එය පිටකොටුව ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක් තුළ පුද්ගලයන් 8 දෙනෙකු එක්ව සැළසුම්කරන බවත් සැකකරු පසුගිය 12 වැනිදා පොලීසියට දැනුම්දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පසුව සිදුකළ විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරක් බවය. ඒ අනුව අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

All rights and copyright belongs to author:
Themes
ICO