Sri Lanka
An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website An article was changed on the original website

ඩෙංගු යලි හිස ඔසවයි.. මර්දන ඇරඹේ..

ඩෙංගු යලි හිස ඔසවයි.. මර්දන ඇරඹේ..

දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට පසුගිය දින කිහිපය මුළුල්ලේ ඇද හැළුනු ධරානිපාත වර්ෂාව පහව යෑමත් සමග ඩෙංගු වසංගතය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවා තිබේ.

මේ නිසාම ජුනි මස 06 වන දින සිට 08 වන දින දක්වා දින තුනක (03) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කිරීමටද ජාතික ඩෙංගු මර්දන ඒකකය සැලසුම් කර තිබේ. මෙම ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් සහිත බවට හදුනාගෙන ඇති දිස්ත්‍රික්ක 10 කට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨශ 76 ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ජනාධිපති කාර්යසාධක බලකාය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම ඩෙංගු මර්දන වැඩ සටහන ජුනි 06 සහ 07 දෙදින මඩකලපුව හා කල්මුණේ දිස්ත්‍රික්ක වලත්, ජුනි 07 සහ 08 දෙදින කොළඹ, ගම්පහ, කළුතර, නුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර සහ පුත්තලම දිස්ත්‍රික්ක වලත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම විශේෂ මදුරු මර්දන වැඩසටහන සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය  සහ සෞඛ්‍ය නිලධාරීන් ඇතුළත් කණ්ඩායම් 1300 ක් සහභාගී වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. පසුගිය නිරිත දිග මෝසම් වැසි සමයේ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ යම් වැඩිවීමක්  දක්නට ලැබුන බවද එය 2017 වසර සමඟ සංසන්දනය කිරීමේදී සැලකියයුතු අඩුවීමක් බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. දැනට පවතින වැසි තත්ත්වය හා  මීට පෙර පැවති ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟ මදුරුවන් බෝවිය හැකි ජලය රැදුණු ස්ථාන සුළභව පවතින බැවින් ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමද වැඩි වී තිබේ.

නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන  වැනි ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානමක් ඇති හෙයින්, අවම වශයෙන් සතියකට පැය ½ ක් වත් තමන්ගේ ආසන්න පරිශ්‍රයන් පරීක්ෂා කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කර ගන්නා ලෙසද ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඕනෑම අයෙකුට  තද උණ සමඟ හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හට ගැනීම හා රුධිර වහන තත්ත්වයන් ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද ජාතික ඩෙංගු මර්දන ඒකකය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඩෙංගු වසංගත රෝගයේ වැඩිම බලපෑම ඇති වන්නේ ළදරුවන්ට සහ ගර්භණී මව්වරුන්ට වන බැවින් උණ තත්ත්වයක් ඇතිවූ වහාම, නොපමාව ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් බව පෙන්වා දෙන ජාතික ඩෙංගු මර්දන ඒකකය මෙම වැඩසටහන සඳහා  සියලූ දෙනාගේ සහයෝගය ලබා දෙන ලෙසද ඉල්ලා සිටී.

– ජයකාන්ත ලියනගේ

5 Viewers

Football news:

CAS did not establish the majority of Manchester City's alleged violations
Manchester City: the Club welcomes the decision of the CAS and thanks for the correct judicial process
Mourinho's classic plan for big matches worked perfectly. Arteta's crude Arsenal is a convenient target
Bartomeu on Xavi in Barca: There is a time for everything. We are not looking for a coach right now
Mourinho about the Europa League: Ask Hamilton if he wants to win Formula 2
Manchester City will play in the Champions League. CAS has accepted the appeal
Carragher on the Premier League: Liverpool can repeat success, but need transfers